18 C
London
Friday, June 2, 2023

මහ කන්නයේදී ගොවීන්ගෙන් ඉහළම වී අස්වැන්නක්

ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේද ගණනාවක් මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වී පර්යේෂණ ආයතන විසින් නිදපවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ මෙරට නියෝජිතවරිය හමුවෙමින් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ මෙරට නව නියෝජිතවරිය ලෙස පත්වූ Azusa Kubota මෙනවිය පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙරට කෘෂිකර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළාය. විශේෂයෙන් පසුගිය කාලය තුළ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා රජය විසින් ගනු ලැබු පියවර ඇය විසින් අගය කළාය.

2022 වසර තුළ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවෙතැයි බොහෝ දෙනෙක් උපකල්පනය කළත් රජය විසින් පසුගිය යල කන්නයේ සිට කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට ගත් පියවර නිසා අවශ්‍ය තරම් සහල් රට තුළ නිපදවා ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන් වසර 10කට පසුව මෙරට යල කන්නයක දී වගා කළ කුඹුරු ප්‍රමාණය ගොවීන් විසින් පසුගිය යල කන්නයේ දී වගා කළ බවත්, එමෙන්ම පසුගිය මහ කන්නයේ දී ද වාර්තාගත අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ වී වගාව ආදායම් උපයන වගාවක් බවට පත් කිරීමටත්, රටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය රට තුළ ම නිපදවා ගැනීමට නම් ඉහළ අස්වැන්නක් ලැබිය හැකි උසස් වී ප්‍රභේද හදුන්වා දිය යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බතලගොඩ හා අම්බලන්තොට වී පර්යේෂණායතන විසින් මේ වනවිට ඉහළම වී අස්වැන්නක් ලැබිය හැකි වී ප්‍රභේද රැසක් හඳුන්වා දී තිබේ.

“අපේ රටේ පළමුවරට හෙක්ටයාර් එකකින් ලද ඉහළම වී අස්වැන්න පසුගිය මහ කන්නයේ දී අම්බලන්තොට ගොවීන් සිව්දෙනෙක් විසින් වාර්තා කළා. ඉන් තිදෙනෙක් හෙක්ටයාර් එකකින් වී මෙට්‍රික් ටොන් 11ක් වශයෙන් හා එක් ගොවියෙක් හෙක්ටයාර් එකකින් වී මෙට්‍රික් ටොන් 09ක් වශයෙන් වාර්තා කර තිබෙනවා. තවත් විශාල පිරිසක් මෙට්‍රික් ටොන් 08 සිට 09 දක්වා ප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා.
අම්බලන්තොට වී පර්යේෂණාතයතනය වී හඳුන්වා දුන් At 362 වී ප්‍රභේදය අද රටේ ඉහළම වී අස්වැන්න ලැබිය හැකි වී වර්ගයක් ලෙස ගොවීන් හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව බතලගොඩ වී පර්යේෂණායතනය විසින් ද නව වී ප්‍රභේද කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමට නම් ඔවුන්ට වගාව සඳහා උසස් බීජ විශේෂ ලබා දිය යුතුයි. සෑම වගාවකින්ම ඉහළ අස්වැන්නක් ලැබිය හැකි බීජ වර්ග හදුන්වා දීම සදහා සිදු කරන පර්යේෂණ පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා. ඒ වගේම ඒ සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන රජය වශයෙන් ලබා දෙනවා”යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජපාන රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන් අප රටේ රැකියා විරහිත තරුණ කොටස් කෘෂිකර්මාන්තයට ආකර්ශණය කළ හැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමය සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා නියෝජිතවරියට යෝජනා කළේය.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව වනවිට විවෘත කර තිබේ. මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිත පහතබිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් දැනුම්දී...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී' නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු අද (02) අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ 'ඇන්ටා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ පැවරූ වන්දි නඩුවේ කටයුතුවලට අදාළ නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here