25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර දැරියගේ අභිරහස් මරණයට තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර දැරියගේ අභිරහස් මරණයට තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර – නාගොඩ ප්‍රදේශයේ ලැගුම්හලක පස් මහල් ගොඩනැගිල්ලක තුන් වැනි මහලින් ඇද වැටී අභිරහස් ලෙස සිසුවියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සිසුවිය සහ අනෙක් පිරිස ලැගුම්හලට පැමිණීමට කුලී පදනම මත ලබාගත් මෝටර් රථයේ රියදුරායි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. සිසුවිය ලැගුම්හලට රැගෙන ආ තරුණයා පලාගොස් ඇත්තේද මෙම මෝටර් රථයෙන් බවයි අනාවරණය වී තිබෙන්නේ.

සිසුවිය සමඟ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ තවත් කාන්තාවක් මෙලෙස පැමිණ තිබූ අතර ඉන් කාන්තාව සහ එක් අයෙකු ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණිය සමඟ පැමිණි අනෙක් තරුණයා මේ වනවිට පලාගොස් ඇති තිබේ.

පෙරේදා (06) පස්වරුවේ තරුණ යුවලක් සහ මියගිය සිසුවිය තවත් තරුණයෙකු සමඟ අදාළ නවාතැන්පොලට පැමිණ ඇති අතර අවසානයේදී ඇයගේ සිරුර හමුවූයේ නවාතැන්පොළ පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ වැටී තිබියදී හමුවිය.