26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගමනාගමන මණ්ඩලය පෞද්ගලීකරණය කරන්නෙ නෑ - බන්දුල

ගමනාගමන මණ්ඩලය පෞද්ගලීකරණය කරන්නෙ නෑ – බන්දුල

ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලීකරණය නොකරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (07) රත්නපුර දිස්ත්‍රික්කයේ ඩිපෝ කිහිපයකට නව බස්රථ බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ ජාතික අර්බුදයෙන් අපි ගොඩ ඒම සඳහා වෙන සාකච්ඡාවක් කරන්නට වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රේමලාල් ජයසේකර මහතා එහෙම ඒ ගෙවල් ළඟ තියෙන පාරේ යන්න බැහැ කියලා එතන නිදාගෙන හිටියට මට කරන්න පුළුවන් ඇවිල්ලා ඇහැරවීම සඳහා වූ උදව්වක් කරනවා මිසක් පාර හදලා දීම කරන්න බැහැ. මොනම හේතුවක් නිසාවත් ලංගම පෞද්ගලීකරණය කරන්නේ නැහැ. නමුත් අපි පොරොන්දුවෙලා තියෙනවා 2025 වන විට සෑම ඩිපෝවක්ම පාඩු නොලබන තත්ත්වයට පත් කරන්න.