26.7 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරුවරයෙක්ගේ නොමනා වැඩක් නිසා පාසලක් වැසෙයි

ගුරුවරයෙක්ගේ නොමනා වැඩක් නිසා පාසලක් වැසෙයි

යාපනයේ අරියාලේ පූම්ඹුකාර් පාසලක ගුරුවරයෙකු විසින් ශිෂ්‍යාවකට කළ ලිංගික බලපෑමක් දුරදිග යාම නිසා එම පාසලේ ගුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල වසා දැමීමට පියවර ගෙන තිබේ.

එම පාසලේ ගණිත ගුරුවරයා විසින් ශිෂ්‍යාවකට පාසලේදී හා පාසල් වේලාවෙන් පසුව දුරකතන ඇමතුම් මාර්ගයෙන් අයුතු ලෙස බලපෑම් කොට ලිංගික කාර්යන්ට ඇයව නැඹුරු කරවා ගැනීමට උත්සහ කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සිසුවිය විසින් දෙමව්පියන්ට පවසා ඇති අතර දෙමව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට තිබේ. මේ නිසා යාපනයේ අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් ළමුන්ගේ දෙමව්පියන් සමග විශේෂ සාකච්ඡාවක් කැඳවා ප්‍රශ්නයට විසදුමක් ලබා ගැනීමට පියවර ගෙන ඇත.

මෙම සිදුවීම දැනගත් ගම්වාසීන් පිරිසක් එම පාසලට කඩා පැන ගුරුවරයාට පහර දීමට උත්සහ කොට ඇති අතර පාසලේ අනික් ගුරුවරු විසින් සිද්ධියට මුහුණ දුන් ගුරුවරයාව බේරා ගෙන තිබේ.

ඒ හේතුව මත ගම්වාසීන් පාසලේ සියළුම ගුරුවරුන්ට හා විදුහල්පතිවරයාට තර්ජන එල්ල කිරීම නිසා පාසල වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.