24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දෙට ඉදිරිපත් වූ රජයේ සේවකයින් හෙට සිට වැඩ අරඹයි

ඡන්දෙට ඉදිරිපත් වූ රජයේ සේවකයින් හෙට සිට වැඩ අරඹයි

පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාරදී ඇති රජයේ සේවකයන්ට හෙට (09) සිට යළිත් සේවයට වාර්තා කළ හැකි බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ සඳහා වන චක්‍රලේඛය මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මේ වනවිටත් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

අද (08) දිනයේදී අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මේ වනවිටත් නාමයෝජනා භාරගෙන ඇති නමුත් මැතිවරණය පැවැත්වීම මේ වනවිට දින නියමයක් නොමැතිව කල්දමා තිබෙනවා.