29.5 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherබෙංගාල බොක්කේ කැළඹීම සුළි කුණාටුවක් වන ලකුණු

බෙංගාල බොක්කේ කැළඹීම සුළි කුණාටුවක් වන ලකුණු

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ඉදිරි දින කිහිපයේදී සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවරයින් සැලකිලිමත් විය යුතු බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර, බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ දකුණු සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව සඳහන් කළේ ය.

බස්නාහිර හා දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.