23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට බාලදක්ෂයින් ලන්ඩනයේදී ජනපති හමුවෙයි

මෙරට බාලදක්ෂයින් ලන්ඩනයේදී ජනපති හමුවෙයි

එක්සත් රාජධානියේ බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ලද රාජාභිෂේක කඳවුරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ, බාලදක්ෂිකාවන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ (07) ලන්ඩන් නුවර දී සිදු වුණා.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දුගේ ඉල්ලීමකට අනුවයි මෙම හමුව සංවිධානය කර තිබුණේ. ශලිනි පෙරේරා, අරිතා බණ්ඩාර, අසේල් බණ්ඩාර සහ සරිත් ප්‍රනාන්දු යන බාලදක්ෂ, බාල දක්ෂිකාවන් සිවුදෙනා රාජාභිෂේකය සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම නියෝජනය කළා.

ඔවුන් සමඟ සුහඳ කථා බහක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෝලීය දේශගුණික අර්බුදය ඇතුළු ජාතික හා ගෝලීය අවශ්‍යතා සඳහා ක්‍රියාකාරීව නිරත වීමට බාලදක්ෂ, බාලදක්ෂිකාවන් දිරිමත් කරනු ලැබුවා.

රටේ අනාගත නායකත්වය භාරගැනීමට තරුණ පරපුර සූදානම් විය යුතු ආකාරය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කරුණු පෙන්වා දී තිබෙනවා. මේ අතර මහා තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නිල සංචාරය අවසන් කරමින් අද (08) උදෑසන දිවයිනට පැමිණියා.