26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් පැකට් 660ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් පැකට් 660ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් දෙදෙනෙකු හොරොයින් පැකට් 660 ක් සමග විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාලිගාවත්ත ලක්හිරු සෙවණ මහල් නිවස සංකීර්ණය තුළ මහා පරිමාණයෙන් මෙම වෙළඳාම කරගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් මත් කුඩුවල වටිනාකම රුපියල් ලක්ෂ 10 ට අධික බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේදී මේවා ‘දෙමටගොඩ චමින්ද’ නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ පුතාට අයත් මත්කුඩු බවට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අව්රුදු 52 හා 38 යන වයස්වල පසු වන්නන්ය.