27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅරගලයේ දී විනාශ වූ බස්වලට තාම වන්දි නෑ - ගැමුණු

අරගලයේ දී විනාශ වූ බස්වලට තාම වන්දි නෑ – ගැමුණු

අරගලය අතරතුර මැයි 09 වෙනිදා රටේ සිදුවූ සිදුවීමට වසරක් ගත වුවත් ගිනි තබා විනාශ කළ බස් රථ වෙනුවෙන් කිසිදු වන්දි ප්‍රදානයක් මේ දක්වා සිදුකර නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

එම සිදුවීමෙන් බස්රථ 32ක් සම්පූර්ණයෙන් විනාශ වී බස්රථ පනහකට අධික සංඛ්‍යාවක් අර්ධ හානි සිදු වූ බවත් ඔහු පැවසීය.

මේ හේතුවෙන් බස් රථ හිමියන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දුන් බවත් බස් රථ සේවකයන්ට මේ දක්වා රැකියාව අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

විපතට පත් දේශපාලනඥයන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙළක් රජය මගින් සකස් කළ ද විනාශ වූ බස් රථ වෙනුවෙන් එවැනි කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත් ඔහු පැවසීය.