― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalඉදිරි ජනාධිපතිවරණයට සජබෙන් අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණයට සජබෙන් අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණයට සමගි ජන බලවේගයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් වුණා.

අදාළ අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බව මෙම රැස්වීමේ දී තීරණය වී තිබෙනවා. එම සන්ධානය ගොඩනැගීමට පක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාසට සම්පූර්ණ බලය පැවරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම ජන පීඩක ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවටත් තනතුරු ලබා නොගත යුතු බවටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ඒකමතිකව තීරණ වී ඇති බව සඳහන්.