29 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික හෙද විශ්ව විද්‍යාලය පිහිටුවීමට අනුමැතිය

ජාතික හෙද විශ්ව විද්‍යාලය පිහිටුවීමට අනුමැතිය

ජාතික හෙද විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

වැඩබලන අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත්තේ.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන හෙද විද්‍යාල විශ්ව විද්‍යාලයක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස නිළධාරී කමිටුවක් පත් කිරීමට පසුගිය 01 වැනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණි.