28.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදැරියගේ මරණයට ඇල්ලුවේ අරගලයේ කළුතර සංවිධායකවරයා

දැරියගේ මරණයට ඇල්ලුවේ අරගලයේ කළුතර සංවිධායකවරයා

කළුතර ප්‍රදේශයේ පාසල් සිසුවියක් අභිරහස් ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (09) පාර්ලිමේන්තුවේ දී විශේෂ අනාවරණයක් සිදුකළා.

අදාළ සැකකරු අරගලයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයා බවයි එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.

සිසුවියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටි මෙම සැකකරු පොලිසිය මඟ හැර පළාගොස් සැඟව සිටිය දී පොලිස් අත්අඩංගුවට පත් වුණා.

අදාළ සැකකරු අද (09) අලුයම් කාලයේ දී හික්කඩුව ප්‍රදේශයේ සැඟව සිටිය දී කළුතර දකුණු පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.