27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම්වතා 15 හැවිරිදි පෙම්වතිය පැහැරගනියි

පෙම්වතා 15 හැවිරිදි පෙම්වතිය පැහැරගනියි

මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ පදිංචි පෙම්වතෙක් විසින් 15 හැවිරිදි තම පෙම්වතිය පැහැරගෙන ගොස් තිබේ.

එම තරුණයාද ඕපාත ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. දෙදෙනා අතර ප්‍රේම සබඳතාවයක් තිබී ඇති බවත් බාල වයස්කාර පෙම්වතිය එම සබඳතාවය බිඳ දැමීම හේතුවෙන් මෙම තරුණයා දිගින් දිගටම ඇයට තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කරදරයෙන් මිදීම සඳහා දැරියගේ පවුලේ පිරිස ඇයව මොනරාගල ප්‍රදේශයේ ඥාති නිවසක නතර කිරීමටද කටයුතු කර ඇති අතර මෙම තරුණයා එම නිවසට පැමිණ බාල වයස්කාර දැරියව බලහත්කාරයෙන් රැගෙනගොස් ඇති බවයි දැරියගේ දෙමව්පියන් පවසන්නේ.

දැරිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත. වැල්ලවාය පොලිසිය විසින් මේ සම්බන්ධව පරීක්ෂණ අරඹා තිබේ.