27.2 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබාලිකා පාසලක සිසුවියක් ඉහළ මහලින් බිමට පනියි

බාලිකා පාසලක සිසුවියක් ඉහළ මහලින් බිමට පනියි

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක 10 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක් එම විදුහලේ ගොඩනැගිල්ලක පළමු මහලෙන් පහලට පැනීම හේතුවෙන් තුවාල ලැබ මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

මෙම ශිෂ්‍යාව ඊයේ (09) පෙරවරු 11.30 ට පමණ පාසැල් පංති කමරයෙන් පිටතට පැමිණ අඩි 15 ක පමණ උසක සිට බිමට පැන තිබෙන බව පොලිසිය පවසයි.

පාසලේ ශිෂ්‍ය නායිකාවකද වන එම සිසුවිය කටුගස්තොට කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ සිසුවිය මහනුවර ජාතික රෝහලේ දී සී.ටී ස්කෑන් පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

අඩි 15 පමණ උසක සිට පහළට ඇද වැටීම නිසා සිසුවියගේ හිසට හෝ අභ්‍යන්තර අවයව වලට හානි සිදුව ඇත්ද යන්න සෙවීම සඳහා අදාළ  සි.ටී ස්කෑන් පරීක්ෂාව සිදු කළ බවත් එහි වාර්තාව ලැබුණු පසු ඉදිරි ප්‍රතිකාර ආරම්භ කරන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍යවරයකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.