26.1 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේදී මී උණ රෝගීන් 2,800ක්

මේ වසරේදී මී උණ රෝගීන් 2,800ක්

මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ පමණක් මී උණ රෝගීන් 2,800 දෙනෙක් මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

උණ තත්ත්වයක් හෝ මී උණ රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි වසංගත රෝග විද්‍යා අංශයේ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය තුෂානි දාබරේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ රෝගය බෝ කිරීමට ඉවහල් වෙන්නේ මීයන්ගේ ශරීරයේ මේ බැක්ටීරියාව හුඟාක් වෙලාවට පවතිනවා. මීයන්ගේ මුත්‍රා මගින් අපවිත්‍ර ජලයට මේ බැක්ටීරියාව මුසුවෙන්න පුළුවන්. මේ විදියට තමා මිනිසාගේ ශරීරයට ළෙප්ටොස්පිරොසිස් කියන බැක්ටීරියාව ඇතුළු වෙන්නේ. කුඹූරු, සමහර දිය කඩිති, ඇළ මාර්ග වගේ තැන්වලින් මී උණ රෝගීන් වාර්තා වෙනවා. අපේ රටේ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ මාර්තු සිට මැයි දක්වා. ඒ එක්කම සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මේ රෝගීන් වැඩිවෙනවා. ඒ වෙන්නේ අපේ කුඹුරු ගොවිතැන් සිදුකරන්නේ යල කන්නයේ සහ මහ කන්නයේ. ඒ අතරේ අපිට වැසි ලැබෙනවා. සමහර වෙලාවට ගංවතුර එනවා. එහෙම වුණොත් මේ රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා.