28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයතුරුපැදිය ගව රංචුවක ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

යතුරුපැදිය ගව රංචුවක ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

කිලිනොච්චිය පුලියම්පොක්කනෙයි ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් ගවරංචුවක ගැටීමෙන් අද (09) අලුයම සිදුවූ අනතුරකදි එක් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි කිලිනොච්චිය පොලීසිය පැවසුවා.

පුලියම්පොක්කනෙයි මංසන්ධිය ප්‍රදේශයේදී අදාළ තරුණයින් දෙදෙනා අධික වේගයකින් යතුරුපැදියෙන් ගමන්කොට ඇති අතර එහිදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි ගවරංචුවක යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය විසින් අනාවරණය කොටගෙන තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ පැදිකරු එම ස්ථානයේම මිය ගොස් ඇති අතර පසුපස පැමිණි තරුණයා බරපතල තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කරනු ලැබ තිබෙනවා.

මේ අතර යතුරුපැදියේ අධික වේගය හේතුවෙන් යතුරුපැදියේ ගැටුනු ගවයින් දෙදෙනෙකුද එම ස්ථානයේ මිය ගොස් ඇති අතර තවත් ගවයින් කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇතැයිද අනාවරණය වෙයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.