26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිය අනතුරකින් 08 දෙනෙක් රෝහලට

රිය අනතුරකින් 08 දෙනෙක් රෝහලට

කුරුණෑගල – පුත්තලම මාර්ගයේ වාරියපොල වේරපොල ප්‍රදේශයේදී අද (09) උදෑසන සිදුවූ රිය අනතුරකින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව වාරියපොල පොලිසිය පවසයි.

කුරුණෑගල දෙසින් පැමිණි වෑන් රථයක් සහ පාදෙණිය දෙසින් පැමිණි කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුර හේතුවෙන් වෑන් රථයේ පැමිණි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙක් සහ කාර් රථයේ පැමිණි යුවලක් වාරියපොල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර
අනතුරින් බරපතළ තත්වයේ පසුවූ 07 දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.