― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවිදුලි ගාස්තු සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම් ඇරඹෙයි

විදුලි ගාස්තු සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම් ඇරඹෙයි

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඇතුළු පාර්ශව තුනක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.

අදාල පෙත්සම්වල වගඋත්තකරුවන් වශයෙන් නම් කර සිටින ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් විවේකා සිරිවර්ධන යන මහත්ම මහත්මීන් විසින් මූලික විරෝධතා මතු කළා.

වගඋත්තරකාර පාර්ශවයේ එම ජනාධිපති නීතිඥවරු සඳහන් කළේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවයි.

අදාල පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අත්‍යවශ්‍ය පාර්ශව නම් කර නොමැති අතර අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වගඋත්තරකරුවන් වශයෙන් නම් කර නොතිබීම බරපතළ දෝෂයක් බවත් එම නිතිඥවරු පෙන්වා දුන්නා.

එමෙන්ම අදාළ පෙත්සම් තුළින් සාවද්‍ය හා නොමග යවන සුළු තොරතුරු අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති බවත් එම නීතිඥවරු විසින් තවත් මූලික විරෝධතාවක් මතු කර සිටියා.

මෙම තත්වය හමුවේ අදාළ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් මෙම මූලික විරෝධතා පිළිගෙන ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් එම ජනාධිපති නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක, විදුලි පුනර්ජනනීය පාරිභෝගික සංගමය සහ මාතර ආනන්ද සාගර හිමියන් විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම් බල වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මහජන උපයෝගීතා කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාර ජනක රත්නායක රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෑතකදී ලංකා විදුලිබල විසින් සිදු කරනු ලැබු විදුලි ගාස්තු සංශෝධනය මුලුමනින්ම නීතියට පටහැනි බව සඳහන් කලා.

මෙම ගාස්තු සංශෝධනය සදහා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා විධිමත් ලෙස අනුමැතිය දී නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

විදුලි ගාස්තු සංශෝධනය විය යුතුය යන ස්ථානයේ තම සේවාදායකයාද සිටින බව සඳහන් කල නීතිඥවරයා එහෙත් එම ගාස්තු සංශෝධනය මහජනතාවට දැරිය හැකි ආකාරයට සිදු විය යුතු බවත් සඳහන් කර සිටියා.

එහෙත් වත්මන් ගාස්තු සංශෝධනය මහජනතාවට දැරීමට අපහසු මට්ටමක පවතින බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙවැනි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට පෙර මහජනතාව ඇතුළු පාර්ශවකරුවන්ගෙන් අදහස් විමසීමක් සිදු කළ යුතු වුවද වගඋත්තරකරුවන් එවැනි අදහස් විමසීමක් සිදු කර නොමැති බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.

වැඩිදුර පෙත්සම් සලකා බැලීම ලබන 15 වන දා තෙක් කල් තැබුණා.