― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලාංකිකයන් 41ක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කෙරේ

ශ්‍රී ලාංකිකයන් 41ක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කෙරේ

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී, එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රදවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු, එරටින් පිටුවහල් කර තිබෙනවා.

එලෙස පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් පිරිස අද (09) උදෑසන විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත එවා තිබුණා.

ඔවුන් ඕස්ට්‍රේලියාවට අයත් ඒ.එස්.වයි- 013 දරණ ගුවන් යානයෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතෙන් ගමන් ආරම්භ කර අද (09) උදෑසන 09.40ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මොවුන්ගෙන් වැඩි පිරිසක් යාපනය සහ වාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් ඕස්ට්‍රේලියාවට බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු තරණය කර ගමන් කර ඇති බව අනාවරණය වී ඇත්තේ.

මෙම පිරිස භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් තිදෙනකු ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා. මෙසේ පිටුවහල් කර එවූ ශ්‍රී ලාංකිකයන් සමඟ එරට ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් ද එම ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

කටුනායක ගුවන්තොටුපොළේ දී මෙම පිරිස ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ එරට ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

අනතුරුව ජාතික බුද්ධි තොරතුරු අංශය විසින් ද විමර්ශන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව මෙම පිරිස කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට නියමිතව තිබුණා. එහිදී ඔවුන් මෙම පිරිසෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.