27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසැමියාගේ දික්කසාද බිරිඳ විත් අනියම් බිරිඳව එළොව යවලා

සැමියාගේ දික්කසාද බිරිඳ විත් අනියම් බිරිඳව එළොව යවලා

පාදුක්ක, වටරැක ගම්මාන පාර ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙළ කපා ඝාතනය කර පලායමින් සිටි එකම පවුලේ සහෝදරයෙකු සහ සහෝදරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගොඩ පොලීසිය පැවසුවේ ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව මොවුන් අද (09) දහවල් අත්අඩංගුවට ගත් බවයි. වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත පෙ⁣දරේරුවෙකු සමග ජීවත් වූ කාන්තාවක් මෙලෙස ඝාතනය කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාව අදාළ පෙදරේරුවාගේ දික්කසාද බිරිඳ වන අතර අනෙක් පුද්ගලයා ඇයගේ සහෝදරයෙක් බවයි අනාවරණය වී ඇත්තේ. පෙදරේරුවා දික්කසාද වීමෙන් පසු ඝාතනයට ලක්වූ කාන්තාව සමඟ දිවිගෙවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පෙදරේරුවා අද (09) උදෑසන නිවසින් පිටව ගිය පසු සැකකරු සහ සැකකාරිය ඔහු පදිංචිව සිටි කුලී නිවසට පැමිණ ඇති අතර අනතුරුව නිවසේ රැඳී සිටි අනියම් බිරිඳ නිවසින් පිටතට ගෙන්වා ගෙන තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්වූ කාන්තාව වලස්මුල්ල, කටුවන, අළුපොත්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි තැනැත්තියක්.