28.4 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසුන්ට මත්පෙති විකුණූ අයෙක් අත්අඩංගුවට

සිසුන්ට මත්පෙති විකුණූ අයෙක් අත්අඩංගුවට

පාසල් සිසුන්ට ගංජා මිශ්‍ර මත්පෙති සහ මත්පෙති අලෙවි කළ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකා මූලස්ථාන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 15, අලුත් මාවත පාර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු සමඟ ගංජා මිශ්‍ර මත්ද්‍රව්‍ය 25ක්, මත්පෙති 202ක් සහ රුපියල් ලක්ෂ 20ක් ද පොලිස් භාරයට ගෙන ඇත.