― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසෝ සුසුම් මැද කළුතර දැරිය අවසන් ගමන් යයි

සෝ සුසුම් මැද කළුතර දැරිය අවසන් ගමන් යයි

කළුතර නගරයේ දී ගොඩනැගිල්ලකින් ඇද වැටී මිය ගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ අවසන් කටයුතු කළුතර ඇටවිල පොදු සුසාන භූමියේ දී සිදුකර තිබෙනවා.

ඇයගේ කළුතර නාගොඩ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ දේහය ආගමික වතාවත්වලින් අනතුරුව විශාල පිරිසකගේ දුක් සෝ සුසුම් මැද අවසන් කටයුතු සිදුවන ආකාරය දැක ගන්නට ලැබුණා.

මියගිය පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනකු සහ තරුණියක් සමඟ ප්‍රදේශයේ හෝටලයකට පසුගිය 06 වනදා පස්වරු 6.30ට පමණ පැමිණ තිබෙනවා.

පසුව ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර අදාළ හෝටලයෙන් කාමර දෙකක් වෙන්කරවා ගෙන සිව්දෙනාම එක් කාමරයක සිට මත්පැන් පානය කරන බව හෝටල් සේවකයෙකු දැක ඇති බවයි වාර්තා වන්නේ.

පසුව අදාළ පිරිසෙන් එක් තරුණියක් සහ තරුණයෙක් හෝටලයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඉන් මිනිත්තු 20කට පමණ පසු අනෙක් තරුණයාත් කලබලයෙන් මෙන් හෝටලයෙන් පිටතට යන අයුරු සේවකයන් දැක ඇති බව සඳහන්.

අනතුරුව අදාළ හෝටලයට ආහාර ලබාගැනීමට පැමිණි අයෙකු හෝටලයට යාබඳ දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින බවට හෝටල් කාර්ය මණ්ඩලයට පවසා තිබුණු අතර ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී අනාවරණ වී ඇත්තේ ඒ වන විටත් අදාළ තරුණිය මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක්.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ සිසුවියට හෝටලයට පිවිසීමට වයස බාධාවක් වන බැවින් වෙනත් අයකුගේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඊට පිවිස ඇති බවයි.

මිය ගොස් සිටින තරුණිය තුන්වැනි මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්නේ යැයි ප්‍රකාශ කළ ඔහු අනතුරුව මෝටර් රථයකින් පළාගොස් ඇති බව වාර්තා වුනා.

පසුව සෙසු තරුණයා සහ තරුණිය දුම්රිය මාර්ගය මත වැටි සිටි තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවත්කර එම ස්ථානයෙන් පිටව ගොස් රාත්‍රි 9.30ට පමණ පොලීසියට භාර වී තිබෙනවා.

මේ අතර සිසුවියව හෝටලය වෙත රැගෙන ආ මෝටර් රථයේ රියදුරු ව ද පොලීසිය විසින් ඊයේ (08) දින අත්අඩංගුවට ගැනුණි.

පසුව එම සැකකරුවන් තිදෙනාම මැයි මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගෙන ඇති අයෙකු වන බව පොලීසිය පවසනවා.