18 C
London
Friday, June 2, 2023

ජොන්ස්ටන්ට එරෙහි නඩුවකට දින නියම වෙයි

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න අද ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව අදාළ නඩුව ජුලි මස 20 වනදා විභාගයට ගැනීමටයි අධිකරණය දින නියම කළේ. මෙම නඩුවට අදාළ විමර්ශන සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගේ අනුමැතිය හිමිවී නොමැති බැවින් එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්ති පාර්ශ්වය විසින් මූලික විරෝධතා මතු කර තිබුණා.

එහෙත් එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා අදාළ නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කළා. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් නම් කර තිබෙනවා.

මෙම චෝදනාව සම්බන්ධයෙන්ම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන තවත් නඩුවක් ජුලි මස 20 වනදා විභාගයට ගැනීමටත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි නියෝග කළා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබෙනවා.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව වනවිට විවෘත කර තිබේ. මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිත පහතබිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් දැනුම්දී...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී' නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු අද (02) අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ 'ඇන්ටා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ පැවරූ වන්දි නඩුවේ කටයුතුවලට අදාළ නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here