11.3 C
London
Tuesday, May 30, 2023

දප්පුලගේ නඩුවට අද ලැබුණු නියෝගය

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම සහ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය ජූනි මස 22 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබෙනවා.

හිටපු නීතිපතිවරයා විසින් ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ සඳහන් කළේ මෙම පෙත්සමෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි. ඒ සඳහා මසක පමණ කාලයක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.

එම ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශවය විරෝධය පළ කළේ නැහැ. ඒ අනුව අතිරේක සොලිස්ටර් ජනරාල් වරයාගේ ඉල්ලීමට ඉඩ දුන් විනිසුරු මඩුල්ල පෙත්සම ජුනි මස 22 වැනිදා නැවත කැඳවීමට නියම කළා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, ජෙයෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස්,ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එන්.ඕ. පෙරේරා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍යය නවරත්න නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාර හිටපු නීතිපතිවරයා පවසන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයකට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් කැඳවීමක් සිදුකර ඇති බවයි.

තමා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලීසියට හැකියාව නොමැති බවත් ඒ තුළින් නීතිපතිවරයා සතු වරප්‍රසාද උල්ලංඝනය වීමක් සිදුවන බවත් හිටපු නීතිපතිවරයා සිය පෙත්සමෙන් පවසයි. එබැවින් තමන්ගෙන් ප්‍රශ්න කිරීම් සහ අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සමක ඉදිරිපත් කර තිබෙනවා.

Latest

මෙරට ජනගහනයෙන් 17%ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන්

මෙරට ජනගහනයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට...

හිටපු ජනපතිවරයෙක්ට වසර 14ක සිර දඬුවම්

එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

Don't miss

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

ජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

යළි මැතිවරණයක් සඳහා වන ප්‍රචාරක කටයුතු ලබන මාසයේ ආරම්භ...

මෙරට ජනගහනයෙන් 17%ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන්

මෙරට ජනගහනයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට ලක්වෙමින් සිටින බව අනාවරණය වී තිබේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල...

මොහු ගැන දන්නවා නම් පොලීසිය අමතන්න

පසුගිය මැයි 20 වැනිදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේදී සිදුවූ වෙඩිතැබීම සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව එලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා...

ගොඩවෙල්ලා පණු රෝගය ගැන දැනුම්දීමක්

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගොඩවෙල්ලා නැමැති Spodoptera කාණ්ඩයට අයත් දළඹු විශේෂ තුනක් පැළ ගොයමට හානි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව කෘෂිකර්ම...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here