― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsඅඩු ආදායම්ලාභී නිවාසවලට නොමිලේ සූර්ය පැනල

අඩු ආදායම්ලාභී නිවාසවලට නොමිලේ සූර්ය පැනල

අඩු ආදායම්ලාභී නිවාස 25000ක් සඳහා සූර්ය පැනල නොමිලයේ ලබාදීමේ ක්‍රියාවලිය කැබිනට් අනුමැතිය ලැබුණු පසුව ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

එමගින් මෙගාවොට් 500ක පුනර්ජනනීය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කෙරෙන බවත් මෙම ව්‍යාපෘතිය පළමුව අදියර දෙකක් වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන් පළමු අදියර යටතේ සූර්ය පැනල මඟින් නිවාස 10000කට විදුලිය ලබාදීමට නියමිතය. දෙවැනි අදියර යටතේ නිවාස 15000ක් සඳහා සූර්ය පැනල මඟින් විදුලිය ලබාදීමට නියමිතය.

එක් නිවසක් සඳහා රුපියල් මිලියන 2.5ක මුදලක් වෙන් කෙරෙන අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු වාර්තා අනුව 2015 – 2019 වසරවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කර විවිධ හේතු නිසා නිවාස 69000ක කටයුතු අතරමඟ නතර වී තිබේ.

ඒ අතරින් තෝරාගත් නිවාස 25000ක් සඳහායි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ.