26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර දැරියගේ ප්‍රධාන සැකකරු අද අධිකරණයට

කළුතර දැරියගේ ප්‍රධාන සැකකරු අද අධිකරණයට

කළුතර පස්මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලෙන් වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වනවිට මියගිය සිසුවියගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පොලිසියේ අවධානය යොමුව ඇත්තේ අදාළ කාල සීමාව තුළ ලැබුණු ඇමතුම් සම්බන්ධවයි.

කෙසේනමුත් මේ වනවිට ඇයගේ ජංගම දුරකථනය අතුරුදන්ව පවතින අතර සැකකරු පොලීසියට පවසා ඇත්තේ ඇය හෝටලයේ තුන්වන මහලෙන් බිමට පැන සියදිවි හානිකර ගත් බවයි.

සිසුවිය මියගිය පසු ප්‍රධාන සැකකරු විසින් මිතුරිය සහ මිතුරියගේ පෙම්වතා එම ස්ථානයට යළි කැඳවා ඇති අතර එම ස්ථානයට පැමිණි ඔවුන් සිසුවියගේ දුරකථනය දුම්රිය මාර්ගයට එපිටින් වූ කළපුව දෙසට විසි කළ බවද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු පොලීසිය හමුවේ අවධාරණය කර ඇත්තේ තමන් ඇය සමඟ සිටින අවස්ථාවේ ඇයට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බවත් “අද නම් ගෙදර ගිහින් ඉවරයි” යැයි පවසා දිව ගොස් මෙය සිදුකරගත් බවත්ය.