28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

කළුතර ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

කළුතර ලැගුම්හලක තෙවන මහලෙන් වැටී පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දින 02ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණ පොලීසිය අද (10) අවසර ලබා දී තිබේ.

සැකකරු අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදීදියි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

පසුගිය 6 වැනිදා කළුතර ලැගුම්හලක තෙව්න මහලෙන් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලීසිය ඊට අදාළව 19 හැවිරිදි තරුණියක් ඇතුළු තිදෙනෙක් පළමුව අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව පොලීසිය මඟහරිමින් සිටි ප්‍රධාන සැකකරු ඊයේ (09) අලුයම හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තේය.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්චාරණය කර තිබුණේ මියගිය සිසුවිය ඇයට ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව ලැගුම්හලේ ජනේලයකින් බිමට පනිනු ලැබූ බවයි.