25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකළුතර මරණයට පත් වූ දැරිය, සැකකරු හා අනෙක් ජෝඩුව එකට සිටින ඡායාරූප...

කළුතර මරණයට පත් වූ දැරිය, සැකකරු හා අනෙක් ජෝඩුව එකට සිටින ඡායාරූප පළමුවරට එළියට

කළුතර ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක තෙවන මහළින් වැටී අභිරහස් ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි ප්‍රධාන සැකකරු ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස මරණයට පත්වූ සිසුවිය, ප්‍රධාන සැකකරු, සිසුවියගේ යහළුවා හා ඇයගේ පෙම්වතා එකට මෝටර් රථයේ සිටින ඡායාරූප පෙළක් ප්‍රථම වරට සමාජ මාධ්‍යය හරහා සංසරණය වෙමින් පවතී.

ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර අදාළ හෝටලයෙන් කාමර දෙකක් වෙන්කරගෙන තිබූ අතර එලෙස කාමර දෙකක් වෙන්කර ගත්ත ද සිව්දෙනාම එක් කාමරයක සිට මත්පැන් පානය කරන බව ලැඟුම්හලේ සේවකයෙකු දැක ඇති බවයි තොරතුරු අනාවරණය වුණේ.

පසුව අදාළ පිරිසෙන් එක් තරුණියක් සහ තරුණයෙක් ලැඟුම්හලෙන් පිටත්ව ගොස් ඇති අතර ඉන් මිනිත්තු 20කට පමණ පසු අනෙක් තරුණයාත් කලබලයෙන් මෙන් ඉන් පිටතට යන අයුරු සේවකයන් දැක තිබෙනවා.

අදාළ ලැඟුම්හලෙන් ආහාර ලබාගැනීමට පැමිණි අයෙකු ලැඟුම්හලට පිටුපස යාබද දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින බවට එහි කාර්ය මණ්ඩලයට පවසා ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඒ වන විටත් අදාළ තරුණිය මියගොස් ඇති බවයි.