30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවන්ට ප්ලාස්ටික් සෙල්ලම් බඩු දෙන්නේ බලාගෙනයි

දරුවන්ට ප්ලාස්ටික් සෙල්ලම් බඩු දෙන්නේ බලාගෙනයි

ප්ලාස්ටික් සෙල්ලම් බඩු නිෂ්පාදන, අලෙවිය සීමා කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමුවී තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා සරෝජනී ජයසේකර කියා සිටියේ ප්ලාස්ටික් සෙල්ලම් බඩු කුඩා දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ ලෙස ගැටලු ඇති කරන බවත් මෙම සෙල්ලම් බඩුවල ප්ලාස්ටික්වලට අමතරව බැර ලෝහ අඩංගු විවිධ තීන්ත වර්ගද අන්තර්ගත බවත්ය.

මේ හේතුවෙන් ප්ලාස්ටික් සෙල්ලම් බඩු නිෂ්පාදන සහ අලෙවිය සීමා කිරීම සම්බන්ධව එම අධිකාරියේදී සාකච්ඡා කීපයක්ම පැවැත්වූ බවයි ඇය සඳහන් කළේ.