29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුඹුරු සීනි සිද්ධියට අදාළ සමාගම දඩය ගෙවා අවසන්

දුඹුරු සීනි සිද්ධියට අදාළ සමාගම දඩය ගෙවා අවසන්

රේගු ආඥා පනත සහ ආනයන අපනයන පාලන පනත උල්ලංඝනය කරමින් දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 607.5ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ දඩ මුදල ලෙස රුපියල් මිලියන 160ක මුදලක් බැර කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් රේගු නඩු අංක PCAD/2023/0001/CCR/0006 යටතේ නඩු පවරනු ලැබුවා.

එහි තීන්දුව ප්‍රකාරව අදාළ දඩ මුදල නියමිත පරිදි ගෙවා දැමීමට සමාගම කටයුතු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ආනයනය සීමා කර ඇති දුඹුරු සිනී, සුදු සීනි බව පවසමින් ආනයනය කර තිබිය දී පසුගිය ජනවාරි මස 09 වනදා රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.