22.8 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබමන මතින් තම දරුවාට හදි කළ පියෙක් අත්අඩංගුවට

බමන මතින් තම දරුවාට හදි කළ පියෙක් අත්අඩංගුවට

පියා විසින් තම 13 හැවිරිදි පිරිමි දරුවා අපයෝජනයට ලක් කළ පුවතක් අහුංගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

දරුවාගේ පියා මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පෙරේදා (08) රාත්‍රියේ අධික ලෙස බීමත්ව නිවෙසට පැමිණ ඇති මෙම පුද්ගලයා නිවසේ නිදා සිටි දරුවා අපයෝජනයට ලක් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඉන්පසු පියා නින්දට ගිය අවස්ථාවේදී දරුවා නිවසින් එළියට පැමිණ විදෙස්ගතව සිටින මවට දුරකථන ඇමතුමක් ලබා දී සිදුවීම පවසා තිබේ. අනතුරුව දරුවාගේ මව ඇයගේ සොයුරියට මේ පිළිබඳව පවසා දරුවා ඇය භාරයට ගැනීමට කටයුතු සලසා ඇත.

දරුවා අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.