27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමන්නාරමේ පාසල් දරුවන්ට විශේෂ ආරක්ෂාවක්

මන්නාරමේ පාසල් දරුවන්ට විශේෂ ආරක්ෂාවක්

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් කිසියම් පිරිසක් විසින් පැහැරගැනීමේ උත්සහයක් ඇති බවට තොරතුරු ලැබීමත් සමග ආරක්ෂක අංශ විසින් පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වෙතට මේ දිනවල විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන තිබෙනවා.

පසුගියදා වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් පාසල් ළමුන් දෙදෙනෙකුට කිසියම් ආහාර වර්ගයක් ලබාදී එම ළමුන් දෙදෙනා පැහැරගැනීමට උත්සහ දරා ඇතැත් ළමුන් දෙදෙනො එම පිරිසෙන් බේරී කෑගැසීමත් සමග ප්‍රදේශවාසීන්ට බිය වී අදාළ වෑන් රථය පලා ගොස් තිබු බව අප වාර්තාකරු පැවසුවා.

මේ පිළිබඳව අදාළ පාසල් ළමුන්ගේ දෙමාපියන් විසින් මන්නාරම පොලීසියට හා පාසල වෙතට දැනුම් දීමෙන් පසුව මන්නාරම් දිසාපති කාර්යාලය, පාසල් විදුහල්පතිවරුන් මන්නාරම පොලීසිය, යුදහමුදාව හා සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව සාකච්ඡාවක්ද සිදුකොට පාසල් ළමුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමේ වැඩසටහනක් දියත් කොට තිබෙනවා.

මේ අනුව මන්නාරම් නගරයේ පිහිටි පාසල් ඉදිරිපිට මෙන්ම මාවත් වෙතටත් ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා යුදහමුදාව යොදවා ඇති අතරම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එක්ව ළමුන් දැනුවත් කොට ඇත්තේ පයින් යන්නේ නම් තනිවම පාරේ ගමන් නොකරන ලෙසටත් කණ්ඩායම් වශයෙන් ගමන් කරන ලෙසටත්ය.

එමෙන්ම නිවසින් පාසල වෙතට පැමිණෙන විටද බොහෝ සෙයින් තවත් පිරිසක් සමග පැමිණීමට පියවර ගන්නා ලෙසටද එසෙත් නැතිනම් නිවසේ වැඩිහිටියෙකු සමග පාසලට පැමිණෙන ලෙසටය.

කෙසේ වෙතත් පාසල් ළමුන් පැහැරගැනීමට උත්සහ ගත් පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලිවී නොමැති අතර අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයන් යුදහමුදාව සහ පොලීසිය විසින් ආරම්භ කොට තිබෙන බවයි වාර්තා වන්නේ.