25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical"මාව හොස්පිටල් ගිහිං දාන්න අයියෝ" කියල මං එදා කළේ රඟපෑමක්

“මාව හොස්පිටල් ගිහිං දාන්න අයියෝ” කියල මං එදා කළේ රඟපෑමක්

තමාට අමුතුවෙන් බේරේ වැවේ නෑමට අවශ්‍යතාවක් නොමැති බවත් “මාව හොස්පිටල් ගිහිං දාන්න අයියෝ” කියා තමා එදා කළේ රඟපෑමක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (09) බේරේ වැව ආසන්නයේ සිට මාධ්‍ය වෙත අදහස් දකවමිනි.

එහිදී ඔහු කියා සිටියේ අරගලයට අවුරුද්දක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති උත්සව නැරඹීමට තමා බේරේ වැව ආසන්නයට පැමිණි බවයි.

එච්චර අරගලයක් කරපු අයට බැරි වුණා මෙතනට ඇවිත් සැමරුමක්වත් කරන්න. ඒකත් කරන්න වෙලා තියෙන්නේ මට. හැබැයි මං ආවේ සැමරුම බලන්න. අරගලය ජයග්‍රහණය කරපු අය අද නෑනේ එයාලා ඉන්නේ පොළොව යට. ජයග්‍රහණය කරපු අය තමා පොළොව උඩ ඉන්නේ. අපි තමා ජයග්‍රහණය කරලා තියෙන්නේ. මේක මට පුරුදුයි. අලුතින් නාන්න දෙයක් නෑ. මේක මගෙ ගම. මම කොහොමත් නානවා බේරේ. අලුතින් නාන්න දෙයක් නෑ. අරගලයට මං ස්තූතිවන්ත වෙනවා මාව දේශපාලන නායකයෙක් කලාට. මාව හොස්පිටල් ගිහිං දාන්න අයියෝ කියන්නේ මගේ දේශපාලන සටන් පාඨය. මං එහෙම කියලා එතන කළේ රඟපෑමක්. ඒ රංගනේ ආවේ නැත්තම් මට අද මෙතන ඉන්න බෑ. රංගනයක් තිබුනේ එතන. ඉන්න බෑ අද.