― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsමිනිසුන්ගේ ස්පර්ශය නිසා කඳුකර කොටි පැටවා මව ප්‍රතික්ෂේප කරයි

මිනිසුන්ගේ ස්පර්ශය නිසා කඳුකර කොටි පැටවා මව ප්‍රතික්ෂේප කරයි

තලවකැලේ තේ වත්තේ අතරමංව සිටියදී හමු වූ කඳුකර කොටි පැටවා තම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය පවසනවා.

තලවකැලේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට පසුගියදා අතරමංව සිටි මාසයක් පමණ වයසැති එම කොටි පැටවා හමු වී ඇති බවත් පසුව කොටි පැටවා හමු වූ ස්ථානයේම දින කිහිපයක් ආරක්ෂිතව මවට භාර දිම සඳහා රඳවා තිබුණද, කොටි පැටවා අසළට පැමිණි මව පටවා රැගෙන නොයෑම නිසා ඉතා දුර්වල තත්ත්වයේ සිටි කොටි පැටවා තම රෝහල වෙත රැගෙන පැමිණි බවයි වෛද්‍ය අකලංක පිණිදෙණිය කියා සිටියේ.

මෙසේ අතරමංව සිටින කොටි පැටවන් අල්ලා සුරතල් කිරීමෙන් හෝ එම කොටි පැටියාට කිරි ලබාදීමට උත්සහ කිරිමේදී කොටි පැටියාව මිනිසුන් විසින් ස්පර්ශ කර ඇති බවට ඉව ඇති නිසා මව කොටි පැටියා රැගෙන යාම ප්‍රතික්ෂේප කරන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

කොටි පැටියා ගැහැණු සතෙකු බවත් වතු කම්කරුවන් විසින් කොටි පැටියා අල්ලා වතු තලවකැලේ වතුයායේ වතු අධිකාරිවරයා වෙත භාර දීමෙන් පසු නුවරඑළිය වනජීවි කාර්යාලයේ නිලධාරින්ගේද සහය ඇතිව වතු අධිකාරිවරයා එම කොටි පැටවා ආරක්ෂිතව මවට භාර දීමට අවස්තථා කිහිපයකදීම උත්සහ කර ඇති බවද වෛද්‍ය අකලංක පිණිදෙණිය පැවසීය.

මව කොටි පැටවා අසළට පැමිණ පැටියා රැගෙන යාම ප්‍රතික්ෂේප කරන අයුරු වනජීවි නිලධාරින් විසින් සවි කර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබූ බව අප වාර්තාකරු පැවසුවා.