26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට ණය ප්‍රතිව්‍යූහගත කරන්න නිල ණය හිමි කමිටුවක්

මෙරට ණය ප්‍රතිව්‍යූහගත කරන්න නිල ණය හිමි කමිටුවක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ නිල ණය හිමි කමිටුවක් පිහිටුවා ඇති බව පැරිස් සමාජය නිවේදනය කර තිබෙනවා.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ පළමු රැස්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති අතර එහිදී මෙම තීරණය ගත් බවයි පැරිස් සමාජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

ණය හිමි රටවල් 17ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය හා ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය උසුලනවා.

පළමු රැස්වීමට ශ්‍රී ලංකා බලධාරීන්ද එක් වූ අතර එහිදී ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ නිල ඉල්ලීම ඔවුන් ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම නිල සාකච්ඡාවට චීනයද එක්ව සිටි බවයි පැරිස් සමාජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඉදිරි සාකච්ඡා සඳහා ද චීනය සාමාජිකයෙකු ලෙස සහභාගී වීමට නියමිතයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වනේබින් මහතා ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී චීන මූල්‍යාධාර සදහා උපරිම සහාය ලබා දෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමකට පැමිණීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතාවක නිරත වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.