― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsයූරියා පොහොර නාස්තිය ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

යූරියා පොහොර නාස්තිය ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

වී වගාව සඳහා යොදන යූරියා පොහොරවලින් සියයට 65ක් අපතේ යන බවත් වී වගාවේ දී ඵලදායි වන්නේ යොදනු ලබන පොහොරවලින් සියයට 35ක ප්‍රමාණයක් බවටත් ඇතැම් පාර්ශ්ව විසින් ඉදිරිපත් කර ඇති මතය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කර එහි සත්‍යතාවයක් ඇත්ද යන්න සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (10) නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සමග අපනයන කෘෂිකාර්මික බෝග ප්‍රවර්ධනය පිළිබඳව පැවති සාකච්ඡාවකදීයි මාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත්තේ.

විශේෂයෙන් යුරෝපා සංගමයට අයත් රටවල් චීනය, ඉන්දියාව මෙන්ම වියෙට්නාමය වැනි රටවල වී වගාව සඳහා යූරියා පොහොර භාවිතා කරන ප්‍රමාණයන් පදනම් කර ගනිමින් අදාළ වාර්තාවක් සකස් කරන ලෙසත් පොහොර යෙදීම සම්බන්ධයෙන් පළවී තිබෙන එම මතයෙහි සත්‍යතාවයක් පවතින්නේ ද යන්න විමර්ශනය කර බලන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

දැනට රටේ යූරියා පොහොර ප්‍රමිතිය සළකා බැලීමේ දී බයියුරේට් ප්‍රතිශතය 01ට වඩා අඩු පොහොර පමණක් වී වගාව සඳහා යොදා ගැනීමටයි නිර්දේශ කර ඇත්තේ. නමුත් චීනය, මහා බ්‍රතාන්‍ය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය පවා යූරියා පොහොරවල බයියුරේට් ප්‍රතිශතය සලකන්නේ 1.5ට වැඩි ප්‍රමාණයකින්.

එමනිසා දැනට අපේ රටේ භාවිතා කරන පොහොරවල ප්‍රමිතිය ආරක්ෂා කර ගනිමින් වගාවන් සඳහා යොදන යූරියා පොහොරවලින් සියයට 100ක්ම වඩාත් ඵලදායිව යොදා ගැනීම සඳහා විද්වත් කමිටුවක නිර්දේශ ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.