27.8 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරියැදුරන්ට මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැනුම්දීමක්

රියැදුරන්ට මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැනුම්දීමක්

අධික වර්ෂාවත් සමග මාර්ගවල ස්වභාවය පිළිබඳ අවබෝධ කරගෙන රිය ධාවනය කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටි.
එම අධිකාරිය සඳහන් කළේ, විශේෂයෙන් අධිවේගි මාර්ගවල සහ කඳුකර මාර්ගවල රිය ධාවනය කිරීමේදී වඩා සුපරික්ෂාකාරී විය යුතු ලෙසයි.

අධිවේගි මාර්ගයේ රිය ධාවනය කිරීමේදී තිරිංග පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ය.

ඊට අමතරව කඳුකර මාර්ගවල නායා යෑම් හා කණ්ඩි කඩා වැටීම් සිදුවිය හැකි බැවින් එම මාර්ගවල රිය ධාවනය කිරීමේදී සුපරික්ෂාකාරී වන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.