― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsවිදේශ කටයුතු අමාත්‍යාංශයේ කටයුතුවලට බාධා

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කටයුතුවලට බාධා

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සුලර් අංශයේ කටයුතුවලට බාධා පැමිණ තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් කොන්සුලර් අංශයේ ලේඛන සත්‍යාපන කටයුතුවලට මෙලෙස බාධා පැමිණ ඇති බවයි.

එම අමාත්‍යාංශයේ කොළඹ පිහිටි කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල කටයුතුවලටද මේ හේතුවෙන් බාධා පැමිණ ඇති අතර පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් හදිසි ලේඛන පමණක් ක්‍රියාවලියට යටත් කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරුණු පසුව දැනුම්දෙන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සල් කාර්යාල මඟින් ලබා ගත හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.