31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසංචාරක ආකර්ෂණයට නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක්

සංචාරක ආකර්ෂණයට නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක්

සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අධ්‍යයනයන් සිදුකරමින් පවතින බව එම අධිකාරියේ සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙන බවත් මේ අනුව සංචාරක සංවර්ධන අධිකාරිය නව ව්‍යාපෘති රැසක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවත් ඔහු අවධාරණය කළේය.

මීට අමතරව ලෝක ප්‍රකට සංගීත කණ්ඩායම් ශ්‍රී ලංකාවට කැඳවා රාත්‍රියේ සංගීත වැඩසටහන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු පැවසීය.