18 C
London
Friday, June 2, 2023

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරනවා – ජනපති

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට මධ්‍යස්ථානයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටවල් රැසක් සහභාගී කරවා ගනිමින් එම කටයුත්ත සිදු කිරීමට ශ්‍රී ලංකාව මුල පුරා ඇති බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමිනි. ‍

විශිෂ්ඨ සේවා ගුරු උපහාර හා විශිෂ්ඨ පාසල , විශිෂ්ඨ සේවාවක් සිදු කළ ප්‍රාදේශීය පරිසර නිලධාරීන් හා කාර්යාල ද මෙහිදී ඇගයීමට ලක් වූ අතර පරිසර නියමුවන් 129 දෙනකු සඳහා ජනාධිපති පදක්කම් පිරිනැමිණි.

පරිසර නියමු ජනාධිපති පදක්කම ජාතික පරිසර නියමු වැඩසටහනේදී ලබා ගත හැකි ඉහළම පදක්කම වන අතර විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී එම පදක්කම්ලාභීන්ට අතිරේක ළකුණු 04ක් හිමිවේ.

විශිෂ්ඨතම පාසල ලෙස ජනාධිපති පරිසර නියමු පදක්කම් ලාභීන් 14 දෙනෙකු බිහි කළ අරලගංවිල විලයාය ජාතික පාසල සම්මාන ලැබූ අතර වැඩිම ජනාධිපති පදක්කම් ලාභීන් පිරිසක් (25) බිහි කිරීමට මග පෙන්වනු ලැබූ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය විශිෂ්ඨතම කාර්‍යාලයට හිමි සම්මානය දිනා ගත්තේය.

උත්සවය අවසානයේ පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.

පරිසර නියමුවන් ලෙස පරිසරය සුරැකීම පිළිබඳ පණිවිඩය පාසලට ගෙන යන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

පරිසර නියමුවෙකුගේ කාර්‍යභාරය විශිෂ්ඨ කැප කිරීමක් බවත්, ඒ කැපවීම සිදු කරන්නේ අනාගත පරපුර වෙනුවෙන්ම බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය

අද පළමුවෙන්ම මෙම පදක්කම් ලැබූ පරිසර නියමුවන් සියලුදෙනාට මම ප්‍රශංසා කරනවා. මෙය කැපවීමෙන් කළයුතු කාර්යයක්. මේ ව්‍යාපාරය සමඟ සම්බන්ධවන ලෙස කිසිවෙකුට බල කර නැහැ. මධ්‍යම පරසර අධිකාරිය 1984 ආරම්භ කළ කාලයේ සිට මේ සඳහා සියලුදෙනා ස්වේච්ඡාවෙන් ඊට සහභාගි වුණා.

අප සියලුදෙනා මේ කැපකිරීම කරන්නේ අනාගත පරපුර වෙනුවෙන්. අද ලෝකයේ තිබෙන පරිසර ප්‍රශ්න පිළිබඳ මම අමුතුවෙන් සඳහන් කළයුතු නැහැ. අපට එදා තිබුණේ පරිසරය රැක ගැනීම පිළිබඳ ගැටලු. එහෙත් අද තිබෙන ප්‍රශ්නය දේශගුණික විපර්යාස නැවැත්වීම නොවෙයි, එය ප්‍රමාද කරගන්නේ කෙසේද යන්න පිළිබඳ කටයුතු කිරීමයි.

පසුගිය ශත වර්ෂ දෙක තුළදී ලෝකයේ විශාල විපර්යාසයක් සිදුව තිබුණා. 1815 බ්‍රිතාන්‍යයන් ලංකාවට පැමිණ උඩරට ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ මේ රටේ ජනගගහණය මිලියන 02යි කියලා තමයි බොහෝ අය කියන්නේ. සමහරු කියනවා මිලියන එක හමාරක්වත් හිටියේ නැහැ කියලා. 1931 අපට සර්වජන ඡන්ද බලය හිමි වූ අවස්ථාවේ එම සංඛ්‍යාව මිලියන 05යි. අපට නිදහස ලැබෙන විට එය මිලියන 07ක් බවට පත්ව තිබුණා. අද ජනගහණය මිලියන කීයද, එදා පැවති තත්ත්වය මෙන් තුන් ගුණයක් පමණ වෙනවා. නමුත් අපේ ඉඩම් ප්‍රමාණය වැඩි වී නැහැ. නමුත් වනාන්තර ප්‍රමාණය අඩු වී තිබෙනවා.

මම 1977 ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරද්දි අපි මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාම පොළොන්නරුව ප්‍රදේශයේ අක්කර ලක්ෂ එක හමාරක්, දෙකක් පමණ වෙන් කළා. අද ජනතාව එම ප්‍රදේශවල පදිංචිවී සිටිනවා. ඒ නිස අපි අද හාල් වලින් ස්වයංපෝෂිතයි. එදා ඒ අක්කර ලක්ෂ එක හමාර වෙන් කළේ නැත්නම් අද අපි හාල්වලින් ස්වයංපෝෂිත වන්නේ නැහැ.

ඉන්දියාව නිදහස ලැබූ කාලයේ ඉන්දියාවේ ජනගහණය මිලියන 400යි. දැන් ඉන්දියාව ලෝකයේ ජනකීර්ණම රට බවට පත්වෙමින් තිබෙනවා. ජනගහණය තුන් ගුණයකින්, හතර ගුණයකින් වැඩිවෙමින් පවතිනවා. එයයි වෙනස. මුළු ලෝකයේම එම ප්‍රශ්න තිබෙනවා.

එදා අපේ මුතුත් මිත්තන්ගේ කාලයේ විදුලි බලය තිබුණේ නෑ. ඒ වගේම අපට අවශ්‍ය භාණ්ඩ සීමා සහිත ප්‍රමාණයක් තිබුණේ. නිවාසවල වායු සමීකරණ යන්ත්‍ර තිබුණේ නැහැ. අද සෑම නිවසකම පරිභෝජන ද්‍රව්‍ය ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම විවිධ ආහාර වර්ග මිලදී ගන්නවා. එදා කර්මාන්ත තිබුණේ නැහැ. අද මුළු ලෝකයම විශාල කාර්මීකරණයකට ලක්වෙලා. අපට ගුවන් ගමන් අවශ්‍යයි. එසේනම් කර්මාන්ත විප්ලවයෙන් පසුව ලෝකයේ විශාල විපර්යාසයක් සිදුව තිබෙනවා. ඒ අතරතුර විශාල යුද්ධ දෙකක් ඇති වුණා. පරමාණු බෝම්බ එල්ල වුණා. පරිසර විනාශය තවත් ඉහළ ගියා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද සම්පූර්ණයෙන්ම දේශගුණය වෙනස් වී තිබෙනවා.

ඒ වගේම වර්ෂ 2050 වන විට ලෝකයේ ජනගහණය තවත් ඉහළ යනවා. එවිට කොහොමද අපි මේ දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන්නේ. ඒ නිසා අපි රටක් ලෙස අද පියවර රැසක් ගෙන තිබෙනවා. පරසරය සුරැකීමට අදාළව සම්පුර්ණයෙන් නව නීති මාලාවක් ගෙන ඒමට අපි අවධානය යොමු කර තිබෙනවා. මේ පරිසර නීති එදා ගෙන ආ අවස්ථාවේ ඒවා නවීන නිති වුවත් අද ඒවා නවීන නීති නොවෙයි. ඒ නිසා නව පරිසර නීතියක් අවශ්‍යයි. ඒ වගේම දේශගුණික විපර්යාස නීතියක් අවශ්‍යයි.

අපි දේශගුණික විපර්යාස කේන්ද්‍රයක් ඇති කිරීමට අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව සිංහරාජ අඩවිය, හෝර්ට්න් තැන්න, සිරිපාද අඩවිය, නක්ල්ස් ආරක්ෂා කිරීමට නව නීති ගෙන එනවා. නවසිලන්තයේ එම නීති සඳහා කියන්නේ living entities කියලා. ඒවා ජීව වස්තුන් ලෙසයි සලකන්නේ.

අපි මුතුරාජවෙල වගේම ස්වභාවික රක්ෂිත ආරක්ෂා කිරීමට නව නීති ගෙන එනවා. ඒ වගේම නව වනාන්තර ඇති කළයුතුව තිබෙනවා. මේ සඳහා අවශ්‍ය නීති ඇති කිරීමට අපි දැන් පියවර ගෙන තිබෙනවා.

අපි එතනින් නැවති නැහැ. අද දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය යොමු කළ විට එය පාසල් සහ විශ්වවිද්‍යාල විෂය මාලාවලට ඇතුළත් කළ යුතුයි. ඒ සියල්ලටම වඩා ලෝකයේ පළමු ජාත්‍යන්තර පරිසර විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ තමයි දේශගුණික විපර්යාස පිළිබද ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය. ඉන් පශ්චාත් උපාධිය ලබා ගැනීමේ අවස්ථාව සලසා දීමට අපේක්ෂා කරනවා. ඒ වගේම පර්යේෂණ කටයුතු සඳහා ද අවස්ථාව සලසා දීමට බලාපොරොත්තු වෙනවා.

අද ලෝකයේ මේ පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කිරීමට මධ්‍යස්ථානයක් නැහැ. ඒ මධ්‍යස්ථානය ලංකාවේ ඇති කරමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට අපි පියවර ගන්නවා.

රටවල් ගණනාවක් සහභාගී කරගෙන ඒ කටයුත්ත සිදු කිරීමටත්, එම රටවල් සහ සංවිධානවලට එහි පාලක මණ්ඩල සාමාජිකත්වය ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. වසරකට 2000-3000ක් මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා අවශ්‍ය පුහුණුව ලබාගෙන ලෝකය සමඟ විශාල සම්බන්ධතාවක් ගොඩනඟා ගනු ඇතැයි අපි විශ්වාස කරනවා.

දේශගුණික විපර්යාසවලට මුහුණදිම සඳහා ලංකාව ලෙස අපට කළහැකි උපකාරය මොකක්ද කියා අපි සොයා බැලිය යුතුයි. ඒ සඳහා අපට ලබාදිය හැකි සහාය මෙම විශ්වවිද්‍යාලය බව මම විශ්වාස කරනවා. ඒ නිසා අපි මේ වන විට රාජ්‍යයන් ගණනාවක් සමග ඒ සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම මේ වසරේ ඩුබායි නගරයේ පැවත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී අපි මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරනවා.

ඒ නිසා පරිසරය රැක ගැනීමේ මේ පණිවිඩය තමන්ගේ විදුහලට ලබාදෙන්න කියලා මම පරිසර නියමුවන් සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම සිදු කිරිමේ වගකීම ඔබට පැවරෙනවා.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේක්ම් එම්. එන් රණසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ, වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නීතිඥ ආර්. එම්. එස්. කේ රත්නායක යන මහත්වරුන්, පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීන්, ඔවුන්ගේ දෙමව්පියන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ සේවය රටට අවශ්‍ය බව පැවසුවහොත් එය නොපැකිලිව ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. හෙතෙම මේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක් විවෘත කිරීම තුළින් ඔවුන්ගෙන් බදු මුදලක් අය කරන බවට අදහස් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රථමයන් වූ මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමති ධූර ලබා දීමට හැකි නම් එය හොඳ කටයුත්තක් බව ශ්‍රී...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here