27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දීය කණ්ඩායම පාකිස්ථානයට යාම ප්‍රතික්ෂේප කරයි

ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයට යාම ප්‍රතික්ෂේප කරයි

මෙවර ආසියානු කුසලානය පාකිස්ථනයේ සත්කාරකත්වයෙන් එරටදී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය නොකිරීමට තීරණය කිරීම හේතුවෙන් තරගාවලිය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇති වී තිබේ.

මේ හේතුවෙන් පාකිස්ථානය විසින් තරගාවලිය රටවල් දෙකක (දෙමුහුන් ආකෘතියෙන්) පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයට විසින් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම සහභාගී වන තරග පාකිස්ථානයේ නොපවත්වා වෙනත් රටකදී පැවැත්විය යෝජනාව වුවද ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතන දෙමුහුන් ආකෘතිය යටතේ රටවල් දෙකක් අතර සංචාරය කිරීමේදී ඇති වන ගැටලු ඇති විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.