27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවට එරෙහිව සජබෙන් නඩු

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට එරෙහිව සජබෙන් නඩු

එක්ස්ප්‍රස් පර්ල් නෞකා විනාශයෙන් සිදුවූ හානියට වන්දි අය කිරීමේ වැඩපිළිවෙළට සහායක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් නීතිමය කටයුත්තකට ප්‍රවේශ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ යටතේ මූලික එන්තරවාසියක් මීට සම්බන්ධ ආයතන රැසකට යොමු කර ඇති බවයි.

ඩොලර් බිලියන 6.4කට සීමා වී ඇති වන්දි මුදල අය කර ගැනීමටත් එම විනාශයෙන් අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් මෙම මුදල මහාභාණ්ඩාගාරයේ වෙනම ගිනුමක තැන්පත් කරන ලෙසත් අදාළ එන්තරවාසියෙන් දැනුම් දුන් බව විපක්ෂ නායකවරයා පැවසීය.

නැව් සමාගම හිතාගෙන ඉන්නවා නම් අපේ රටේ මිනිසුන් මුදලට බිලි බා ගත හැකි බව එය වැරදි බවත් අපේ කිසිවකු මුදලට යට නොවන බවත් අපි බංකොලොත් වුවත් මූල්‍ය අපහසුතා තිබුණත් අපේ රට විනාශ කරන්න හෝ පාවා දෙන්න හෝ බිලී බා ගන්න අවස්ථාවක් ලබා නොදෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.