27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර දැරියගේ මරණයට හෝටල් හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට

කළුතර දැරියගේ මරණයට හෝටල් හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට

කලුතර ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්දයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අද පස්වරුවේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරිය ලැගුම්ගෙන සිටි ලැගුම්හල පවත්වාගෙන යන හිමිකරුගේ බිරිඳ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඇය කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක්.

සැකකාර කාන්තාව එදින ලැගුම්හලේ සේවය කරමින් සිට ඇති අතර වෙනත් වැඩිහිටි තරුණියකගේ හැඳුනුම්පතක් යොදාගනිමින් මියගිය පාසල් සිසුවිය ලැගුම්හලේ නවාතැන් ලබා ගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ජාතික හැඳුනුම්පත නිසි පරීක්ෂාවකින් තොරව අනන්‍යතාව තහවුරු කරගැනීමක් සිදු නොකර බාලවස්කාර දැරියකට කාමර ලබාදීමේ වරදට සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය අද සවස කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.