27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඡන්ද අපේක්ෂක රාජ්‍ය සේවකයින්ට ඡන්දය ඉල්ලුම් බල ප්‍රදේශයට සේවයට යාමේ ගැටලු සඳහා...

ඡන්ද අපේක්ෂක රාජ්‍ය සේවකයින්ට ඡන්දය ඉල්ලුම් බල ප්‍රදේශයට සේවයට යාමේ ගැටලු සඳහා විසඳුම්

පළාත් පාලන ඡන්ද අපේක්ෂකයන් වන රාජ්‍ය සේවකයන්, ඡන්දය ඉල්ලන ස්ථානයට ආසන්නත ම බලප්‍රදේශයේ සේවයට වාර්තා කිරීමෙන් සුළු පිරිසකට ගැටලුක් මතුවී ඇත්නම්, සාකච්ඡා කර ගැටලුව විසඳන බව, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා, ස්වදේශ කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) දි ප්‍රකාශ කළේය.

මැතිවරණ නීතියක් පවතින බැවින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරීන්ට පමණක් ඒ ගැන කටයුතු කිරීමට නොහැකි නිසා මැතිවරණ කොමිසමේ නිවේදනයක් තිබිය යුතු බවද අග්‍රමාත්‍යවරයා පැවසිය. ඔහු මේ බව කියා සිටියේ, අමාත්‍යංශය ඊට අදාළව නිකුත් කළ චක්‍රලේඛයෙන් යම් පිරිසකට ගැටලුවක් මතුව ඇතැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදීය.

රාජ්‍ය සේවකයන් වන ඡන්ද අපේක්ෂකයන්ට වැටුප ගෙවන්නැයි පළමුව ප්‍රශ්නය මතුවූ අවස්ථාවේ එම ප්‍රධාන ගැටලුව ප්‍රථමයෙන් විසඳූ බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.