26.7 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිවිරෝධීව ගෙන්වූ සැප රිය 05ක් රේගු භාරයට

නීතිවිරෝධීව ගෙන්වූ සැප රිය 05ක් රේගු භාරයට

නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන 5 කින් සමන්විත කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් වාහන අතර මිට්සුබිෂි ජීප් රථ 4ක් සහ සුබාරු මෝටර් රථයක් ද වන බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. රේගු දෙපාර්තමේන්තුව අනාවරණය කළේ මෙම වාහනවල වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බවයි.

වාහන අමතර කොටස් මුවාවෙන් ජපානයෙන් නීතිවිරෝධී ලෙස මෙම වාහන ආනයනය කර ඇතැයි සඳහන්. අදාළ වාහන වෙනත් වාහන අමතර කොටස් අතර සඟවා ගෙනවිත් තිබූ බව ද එම රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.