34.5 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබූරු මූණා සැඟවූ පිස්තෝලයක් සොයා ගනියි

බූරු මූණා සැඟවූ පිස්තෝලයක් සොයා ගනියි

සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණාගෙන්’ සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිවූ තොරතුරු වලට අනුව සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 06ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මනුෂ්‍ය ඝාතන රැසකට චෝදනා එල්ල වී සිටියදීයි මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ. ඔහු හෙළි කළ කරුණු අනුව බූරු මූණාව බණ්ඩාරගම – රයිගම ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක් අසළට රැගෙන ගොස් ඇති අතර එහි තිබියදී මෙම පිස්තෝලය සහ ජීව උණ්ඩ සොයා ගෙන ඇත.

අදාළ පිස්තෝලය චීනයේ නිෂ්පාදිත විශේෂ වර්ගයේ ගිනි අවියක් වන අතර ඊට උණ්ඩ 16ක් යෙදිය හැකි බවයි පොලීසිය පවසන්නේ.