27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"මං එයා එක්ක ගියේ කැමැත්තෙන්.. අපි දෙන්නා සතුටින් ඉන්නවා"

“මං එයා එක්ක ගියේ කැමැත්තෙන්.. අපි දෙන්නා සතුටින් ඉන්නවා”

මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

එම දැරිය විසින් ඇයගේ මව වෙත එවූ වීඩියෝ පටයක් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

එම වීඩියෝ පටයෙන් ඇය සඳහන් කර ඇත්තේ තමන් එම තරුණයා සමඟ ගියේ තම කැමැත්තෙන් බවත් තමා ඔහු සමඟ සතුටින් සිටින බවත්ය.

22 හැවිරිදි වෙනත් පිරිමි ළමයෙකු හා විවාහ වන ලෙස දැරියගේ මව ඇයට බල කළ බවයි ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියේ.