― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමේ වසරේ වෛද්‍යවරු 350ක් විශ්‍රාම යයි

මේ වසරේ වෛද්‍යවරු 350ක් විශ්‍රාම යයි

රජයේ රෝහල්වල සේවයේ නියුතු ලියාපදිංචි වෛද්‍යවරු 350කට ආසන්න පිරිසක් ලබන මාසයේදී එකවර විශ්‍රාම යාමට නියමිතය.

මේ හේතුවෙන් මේරට ග්‍රාමීය රෝහල් රැසක් වැසී යෑමේ දැඩි අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

මෙලෙස ලියාපදිංචි වෛද්‍යවරු 350 දෙනෙකු එකවර විශ්‍රාම ලැබුවහොත් අවම වශයෙන් ග්‍රාමීය රෝහල් 50ක් පමණ වසා දැමීමට සිදුවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.

එමෙන්ම ලියාපදිංචි වෛද්‍යවරු 350ක්, උපාධිධාරි වෛද්‍ය නිලධාරින් 400ක්, විශේෂඥ වෛද්‍යවරු 300ක් ඇතුළු සමස්ත වෛද්‍යවරු 1000කට අධික පිරිසක් මෙම වසරේ දෙසැම්බර් මස වනවිට විශ්‍රාම ගැන්වීමට නියමිතය.