― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයාපනයේ ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට

යාපනයේ ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට

යාපනය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වගා කළ ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 22000 ක් බැගින් සතියකට ඩුබායි රටට අපනයනය කිරීමට සුදානම් කොට ඇති බව උතුරු පළාත් කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති කාර්යාලය පවසයි.

ලෝක බැංකු හා යුරෝපා සංගමයේ ආධාර යටතේ ක්‍රියාත්මක කරන කෘෂිකර්ම නවීකරණය ව්‍යාපෘතිය යටතේ යාපනය ගොවි ජනතාව 250 දෙනෙකු වගා කරන ඇඹුල් කෙසෙල් පළමු අදියර යටතේ ඩුබායි රටට අපනයනය කරන බවයි වාර්තා වන්නේ.

අදාළ ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ කෙසෙල් ගොවීන් 700 දෙනෙකු අපනයනය වෙනුවෙන් ඇඹුල් කෙසෙල් වගා කරමින් සිටියි. යාපනය, පුත්තූර් ප්‍රදේශයේ කෙසෙල් අපනයනය වෙනුවෙන් වන කර්මාන්ත ශාලාව පිහිටුවා ඇති අතර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අදාළ කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීමට එක් වී සිටිනවා.

අමාත්‍යවරයා එහිදි පැවසූවේ අපනයනය පදනම් කරගත් ආර්ථික වැඩපිළිවෙලක් හරහා මෙරට ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවයි. ඩුබායි හා මැදපෙරදිග රටවල් ඉලක්ක කර ගනිමින් ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය සිදුකරමින් පවතින අතර උතුරු පළාතේ ගොවි ජනතාවට අමතරව ඇඹිලිපිටිය, හම්බන්තොට ආදි ප්‍රදේශවල ගොවි ජනතාවද ඇඹුල් කෙසෙල් අපනයනය කිරීම වෙනුවෙන් වගා කරමින් සිටින බව උතුරු පළාත් කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති කාර්යාලය සඳහන් කළ බව අප වාර්තාකරු පැවසුවා.