28.4 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිලවුන් චීනයට යැවීම තහනම් කරන්නැයි පෙත්සමක්

රිලවුන් චීනයට යැවීම තහනම් කරන්නැයි පෙත්සමක්

රිලවුන් ලක්ෂයක් චීනයේ පුද්ගලික සමාගමක් වෙත යැවීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් අමාත්‍ය මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කළා.

පරිසර සංවිධානය ඇතුළු පාර්ශව විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් මෙම නොතිසි නිකුත් කිරීම සිදු කළේ.

මෙම පෙත්සම ලබන 19 වනදා යළි කැඳවීමට නියමිතය.